Thursday, April 30, 2020


සැරියුත් දරුවනේ,

අප රට මුහුණ දී ඇති කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය හේතුවෙන් දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නොහැකිව  ගතවන මෙම කාලපරිච්ඡේදයේ  පෙර මෙන් පාසල් පන්තිකාමරය තුල ඉගෙනුම් ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට නොහැකි වුවත්  තාක්ෂණයේ දියුණුව යහපත්ව ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපන කටයුතු අඩාල වීම යම් පමණකින් අවම කර ගැනීමට අප පාසල විසින් දරණු ලබන උත්සහයක් ලෙස  shariputhra.blogspot.com  හඳුන්වා  දිය හැකිය.

තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය අපටත් නොදැනීම ගතවන කාලය ඵලදායීව ප්‍රයෝජනයට ගනිමින්  දිගින් දිගටම මේ සමඟ සම්බන්ධ වෙමින් ගුරුමණ්ඩලය විසින් ලබාදෙන  සටහන්, පැවරුම් හා ප්‍රශ්න පත්‍ර කෙරෙහි අවධානය  යොමු කරන මෙන් දරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

මෙය ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට මහත් රුකුලක් වේ යැයි අපේක්ෂා කරමි.
විදුහල්පති
ඩී.බී.එම්.වසන්තා

6 comments: